මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් රෝගය වැලඳීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ 708ත් සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 15,357ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
මෙක්සිකෝවෙන් ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 4833 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 130,000ට ආසන්න වී ඇත.
මේ වන විට කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ මෙක්සිකෝව, බ්‍රසීලය, චිලි සහ පේරු යන ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ලතින් අමෙරිකානු කලාපයයි.




