පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට කළුතර මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.
ඒ 1998 වසරේ මාර්තු මස 6 වන දින මතුගම, පැලවත්ත ප්රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්රකාශයට පත් කරමිනි.
විත්තිකරුවන්ට එරෙහිව නගා තිබූ අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව තීන්දුව ප්රකාශයට පත් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා පැවසී ය.



