සරසවි යළි විවෘත කිරීමේ අවසන් තීරණය හෙට

Share

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

 

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ , ඊයේ දිනයේ ඒ පිළිබඳව සියලු උපකුලපතිවරුන් කැඳවා සාකච්ඡා කළ බවයි.

ඔවුන් ඉදිරිපත් කළ කරුණු අද දිනයේ නැවත සමාලෝචනය කරනු ඇති.

විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග ලබන 15 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

Read more

Local News