කොරෝනා වසංගත තත්ත්වය පැවති සමයේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බවයි.
මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු ද මේ වන විට සිදු කිරීමට අවශ්‍යව ඇති බැවින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා මතුව ඇති බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් ඖෂධ බෙදාහැරිමේ කාර්යය ඉදිරියටත් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ හා පාරිභෝගික ජනතාව විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී නව ක්‍රම්වේදයක් ඔස්සේ මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද තැපැල්පතිවරයා එම නිවේදනය මඟින් සඳහන් කර තිබේ.
කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ඉල්ලීම මත රජයේ රෝහල්වල සායනික ඖෂධ සහ රජයේ ඔසුසල් වෙතින් ඇණවුම් කරන ලද ඖෂධ හිමිකරුවන් වෙත ලබාදිමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව fවිසින් සිදු කරනු ලැබීය.



