දුම්රියේ ගැටී ගුවන් සෙබලෙක් මරුට

Share

හික්කඩුව පොලිස් වසමේ වෑවල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවු අනතුරින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඊයේ (14) සවස 5.55 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ගාල්ල දෙස සිට කොළඹට ධාවනය වු දුම්රියේ ගැටී සිදුවු අනතුරින් බරපතළ තුවාල ලැබු සෙබළා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු තොරනගලවත්ත, පතන, හික්කඩුව ලිපිනයේ පදිංචි රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ගුවන් හමුදා සෙබළෙකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News