බස් ගාස්තු වැඩි කරන්නේ නෑ

Share

කිසිදු අයුරකින් බස් ගාස්තු වැඩි නොකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ පවතින තත්ත්වයත් සමග බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට බස් හිමියන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් වත්මන් තත්ත්වය හමුවේ පෞද්ගලික බස් හිමියන්ට පාඩු සිදුවන්නේ නම් සාකච්ඡා කර ඔවුන් වෙනුවෙන් වෙනත් සහනයක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉදිරියේදී අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ වත්මන් තත්ත්වය හමුවේ බස් කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණපා ඇති බවයි.

Read more

Local News