මෛත්‍රිගේ සහභාගිත්වයෙන් පැවැත් වීමට සුදානම් කර තිබු උත්සවයක් මැතිවරණ කොමිසමෙන් නවතයි

Share

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වීමට සුදානම් කර තිබු උත්සවයක් මැතිවරණ කොමිසම විසින් නතර කර තිබේ.

 

පොළොන්නරුව දිස්ත්‍රික් “ 2019 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයිමේ උත්සවය“  මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ මැදිහත් වීමෙන් මෙලෙස නවතා දමා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සවයට සහභාගී වී අනතුරුව මැතිවරණ කොමිසමෙන් ලද නියෝගය පිළිගන්නා බව පවසමින් ඉන් පිටව ගොස් තිබේ.

මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකු ද එක්ව සිටි අතර, හිටිපු ජනාධිපතිවරයා උත්වයෙන් නික්ම යන තුරුත් ඔවුන් රැඳි සිටියේය.

පසුව උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට පැවැත් වු බවද අප වාර්තාකරු පැවසීය.

මෙම අවස්ථාවට පොළොන්නරුව නගරාධිපති සිදත් චානක රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය දේශපාඥයින් කිහිප දෙනෙකු එක්ව සිටියහ.

Read more

Local News