බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Share

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ලබන 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

අදාළ සැකකරුවන් අද (15) උදෑසන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

2019 ජනවාරි මස 2 වන දා ඊට ආසන්න දිනයක දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කීපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය හා මාවනැල්ල පොලීසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිණි.

Read more

Local News