බස් රථ මිලට ගන්න 4% ක සහන පොලියට ණය

Share

පෞද්ගලික බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනිමට සියයට 04ක සහන පොලී පදනම යටතේ ණය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේ දී ලොරි චැසිවල අටවන ලද බස් රථ වෙනුවට නියම බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවිම රජයේ අරමුණ බවයි.

ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මේ අතර විදුලි බිල්පත් ගෙවීමේදී නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම බිල්පත නිකුත් කර ඇත්තේ පාරිභෝගිකයින් පාවිච්චිකරන ලද විදුලි ඒකක ගණන සඳහා පමණක් බවයි.

විදුලි බිල්පත් වාරික වශයෙන් ගෙවිමට අවස්ථාව පවතින අතර කිසිදු අයුරකින් විදුලිය විසන්දි නොකරන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News