පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 237ක් අත්අඩංගුවට

Share

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ අදාල විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි.

මේ වන විට පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (17) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News