කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1924 දක්වා ඉහළට

Share

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (17) දිනයේ වාර්තා වූ නව රෝගීන් 09 දෙනාත් සමගයි.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනෙකු චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට රෝගීන් 516 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1397 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ඉන්දියාවේ සිට නැවියන් පිරිසක් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරිම සඳහා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මුම්බායි නුවර සිට ඉන්දීය ජාතික නැවියන් 54 දෙනෙකු මෙලෙස පැමිණ තිබේ.

Read more

Local News