බැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ කාර්යය තුළ ශ්‍රි ලංකා මහ බැංකුව වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හිතුවක්කාර ලෙස රටේ පවතින මුල්‍ය ගැටලු නිරාකරණය සඳහා මැදිහත් නොවී මුනිවත රැකීම අනුමත කළ නොහැකි බවය.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා මහා බැංකුවේ මුල්‍යමය හෝ පරිපාලනමය අර්බුධ ඇති වීමට ප්‍රධාන වගකිවයුත්තා පවතින රජය බවය.



