2015 පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 1500කට සහන

Share

2015 වසරෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් 1500 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට සහන සලසා ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව පවසයි.

 

කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, කමිටුවට පැමිණිලි 10,000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බවයි.

ඒ, සේවයෙන් නෙරපා හැරීම, සේවයට වාර්තා කිරීමට බාධා පැමිණවීම, උසස් වීම් ලබා නොදීම, අත්තනෝමතික ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙනි.

වැඩිම දේශපාලන පිළිගැනීම් සිදුව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ බව ද, මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය.

ඔහු සඳහන් කළේ, කණ්ඩායම් කිහිපයක් පත් කරමින් ලැබුණු සියලු පැමිණිලි විභාග කර, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන බවයි.

Read more

Local News