කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සේවය කරන ලාංකිකයින් 20,000 කට අධික පිරිසකගේ රැකියාවලට බලපෑම් එල්ල වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කළේ, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා තානාපති කාර්යාල මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
කොරෝනා ව්‍යාප්තියත් සමග ලාංකිකයින් 50,000 ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේය.
මෙරට ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා නැවත පිටත් කිරීමට අදාළ කටයුතු සම්පාදනය කර ඇතැයි ද මංගල රන්දෙනිය මහතා පැවසුවේය.



