ඉන්දියාවේ සිටි පිරිසක් මෙරටට රැගෙන එයි

Share

ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ගුවන් යානයක් අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම, කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව්වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බව වාර්තා වේ

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කළ බව අප වාර්තාකරු පැවසීය.

Read more

Local News