ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද සිට ආරම්භ කරනු ලබන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කරයි.
ඒ අනුව දෛනිකව සීමිත පිරිසකට ඒ සඳහා අවස්ථාව හිමිවන බව ඒ මහතා වැඩ්දුරඑටත් සදහන් කළා.
බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දෛනිකව සේවාලාභීන් 250 දෙනෙකුට ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙනු ලැබේ.
ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලයෙන් දෛනිකව නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත් ප්‍රමාණය , 50 කි.
ඒ අනුව, ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුයි.
එහිදී කාර්යාල වැඩ කරන දින 10 ක් ඇතුළත තමුන්ට පැමිණිය හැකි පහසු දිනයක් සහ වේලාවක් වෙන් කළ අංකයක් ලබාගත යුතු වේ.
ඒ අනුව, නියමිත දිනයේදී ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික හැඳුනුම්පත් ලබාගත යුතුයි.



