විදෙස්ගතව සිට මෙරටට ආ ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ සමීක්ෂණයක්

Share

විදෙස්ගතව සිට දිවයිනට පැමිණි ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිත කිරිමේ අරමුණින් දත්ත රැස් කරන බවයි.

පසුගිය අප්‍රේල් 17වැනිදා සිට මේ දක්වා ශ්‍රමිකයින් 7000 ක් පමණ දිවයිනට පැමිණ තිබේ.

ඒ කොරියාව , ඉතාලිය මෙන්ම මැදපෙරදිග රටවල සිටයි.

අප්‍රේල් 17වැනිදා ට පෙර දිවයිනට පැමිණ කොරෝනා තත්ත්වය හේතුවෙන් යළි විදෙස්ගත වීමට නොහැකිව සිටින ශ්‍රමිකයින්ට ඒ පිළිබඳ තොරතුරු 1989 ක්ෂණික දුරකතන අංකයට ලබා දිය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේය.

Read more

Local News