පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැලසුම් කළ සහරාන් ශෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ අධ්යක්ෂවරයෙක් ඒ පිළිබඳව අනාවරණය කර ඇත
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු බුද්ධි අංශ අධ්යක්ෂවරයෙක් ඊයේ(22) දිනයේ සාක්ෂි ලබාදීම සිදු කළේය.
අද අලුයම එක පමණ වන තුරු එම සාක්ෂි ලබා දීම සිදුකළ බව අප වාර්තාකරු සඳහන් කළේය.
එහිදී එම බුද්ධි අංශ නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ 2018 වර්ෂයේ දී සහරාන් හෂීම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ සඳහා උපකාර කර ඇත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවවේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් බව හිටපු බුද්ධි අධ්යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම රිෆ්කාන් බදියුදීන් මිනිස් ජාවාරම ඇතුළු ජාවාරම් රැසක් සිදුකර ඇති බව ද බුද්ධි අංශ අධ්යක්ෂවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.



