පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online හරහා පැවැත්වීමේ සැලසුමක්

Share

09 වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කරමින් තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් එම පියවර ගන්නා බවයි.

ඒ අනුව ඊට ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුපාඩු හඳුනා ගැනීමේ පෙරහුරුවක් ඊයේ පාර්ලිමේන්තු කාරක සභා ශාලාවේදී පැවැත්විය.

ඒ, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

කාරක සභා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පොදු ජනතාවට පාර්ලිමේන්තු පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැකි වේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පවා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව කාරක සභා රැස්වීම්වලට සම්බන්ධවීමේ තාක්ෂණික කටයුතු සැලසුම් කරමින් ඇති බවයි.

Read more

Local News