නියෝමාල් රංගජීවගෙන් පොලිස්පති ගැන අනාවරණයක්

Share

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලේදී රැඳවියන් 27 දෙනෙකු මියයෑමේ සිද්ධියට නියෝග දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පවසන්නැයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමාට ප්‍රකාශ කළ බව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන නියෝමාල් රංගජීව මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ ඊයේ(22) සාක්ෂි දෙමින් ය.

නියෝමාල් රංගජිව මහතා පැවසුවේ පැවති යහපාලන ආණ්ඩුවට අදාළ සිදුවීම ගෝඨාභය රාජපක්ෂ මහතා කළ බව හුවා දැක්වීමට අවශ්‍යතාවක් පැවති බවය.

2012/11/09 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ අදාළ සිදු වූ සිද්ධියෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ සටහන් කර ගත් බව ඔහු පැවසුවේ ය.

නියෝමාල් රංගජීව මහතා පැවසුවේ අදාළ සිදුවීම වන අවස්ථාවේදී තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුමක නිරතව සිටි බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා සිටි බවය.

Read more

Local News