අද (23) උදෑසන යාපනයේ සිරාම්පියඩි මංසන්ධිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
යාපනය විශ්වවිද්‍යාලිය සේවකයින් ප්‍රවාහනය කරන කුඩා බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අදාළ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 50 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



