මෙරට එක්රැස් වන අබලි ලෝහ ද්‍රව්‍ය අපනයනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය දා පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
යකඩ, පිත්තල, ඇලුමිනියම්, තඹ, ඊයම් ඇතුළු අබලි ලෝහ ද්‍රව්‍ය මෙරට නිෂ්පාදකයින්ට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මේ තීරණයට එළඹුන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.
අබලි ලෝහ ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඒ ආශ්රිත ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදකයින් ගැටළු රැසකට මුහුණ දී ඇති බව ද ඔහු පැවසුවේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, පෙර වසරට සාපේක්ෂව මේ වසරේ අබලි ලෝහ ද්‍රව්‍ය අපනයනය 60% කින් පහත වැටී ඇති බවය.
එහෙත් ඇතැම් පාර්ශවය මෙරට නිෂ්පාදකයින්ට අවශ්‍ය ලෝහ ද්‍රව්‍ය රහසිගතව විවිධ ක්‍රම මගින් අපනයනය කිරීමේ තත්ත්වයක් පවතින බව ද අමත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අතර දේශීය වශයෙන් අවශ්‍ය අබලි ලෝහ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කරන්නැයි කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ, අදාළ සමීක්ෂණයේ ඇස්තමේන්තු ලබා ගැනීමෙන් පසු මෙම තහනම සම්බන්ධයෙන් යළි සළකා බලන බවයි.
ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට මෙරට අබලි ලෝහ ද්‍රව්‍ය අපනයනය කරන බව ද ඔහු ප්‍රකාශ කළේ



