ලෙබනනයේ රැඳී සිටි පිරිසක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

“ශ්‍රී ලංකන් ගුවන්“ සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ, බේරූට් ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි රැඳී  සිටි මෙම පිරිස රැගෙන අද (26) අලුයම 5.41ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කළ බව “අප වාර්තාකරු“ පැවසීය.

Read more

Local News