විදේශයේ නිෂ්පාදිත ෂොට්ගන් සමග අයෙක් අත්අඩංගුවට

Share

පූගොඩ පොලිස් වසමේ ඕවිටිගම ප්‍රදේශයේ දී විදේශ රටක නිෂ්පාදිත “ෂොට්ගන්“ වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීවපතරොම් 02ක්, කඩු 02ක් හා ආයුධ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (25) ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩාමක් හා පූගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත සැකකරු 41 හැවිරිදි ඕවිටිගම, පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු අද (26) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News