හෙට සිට මුව ආවරණ නොපළඳින අය දින 14ක් ස්වයං නිරෝධායනයට

Share

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, නිරෝධායන නීති අඛණ්ඩ ක්‍රියාත්මක කරන ලෙසයි.

Read more

Local News