Pre-Shoot කිරිමක් අතරතුර දී තරුණයකු සේර ඇල්ලට වැටී අතුරුදන් වෙයි

Share

මාතලේ, ලග්ගල, සේර ඇල්ලට වැටී තරුණයෙකු අතුරුදන්ව තිබේ.

 

එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමක්(Pre-Shoot) අතරතුරදී මෙම අනතුර මුහුණ පා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ මෙම අනතුර සිදුව ඇති බවය.

පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය ද සේර ඇල්ලට වැටී ඇති අතර ඇයව බේරාගෙන ඇති බවය.

Read more

Local News