මෙරට කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (29) දිනයේ වාර්තා වූ නව රෝගීන් පස් දෙනා ද සමග ය.
එම රෝගීන් පස්දෙනාගෙන් තිදෙනෙකු පාකිස්ථානයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සඳහන්ය.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 353 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් රෝගින් 1678 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.



