පුතාගේ නිවසේ දී අභිරහස් ලෙස මවක් මරුට

Share

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩහිඟුල්වල, පතිරාදවත්ත ප්‍රදේශයේ නිවසකින් හමු වී තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ සිය පුතා සමග පදිංචිව සිටි 62 හැවිරිදි දෙදරු මවකි.

මෙම දෙදරු මව මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය හාරිස්පත්තුව ගලසියපත්තුව හදිසි මරණ පරීපක්ෂක එල්.බී.ඩබ්ලිව්.සේනාරත්න මහතාට ඒ පිළිබඳ ව දන්වා තිබේ.

කෙසේ නමුත් ඇයගේ සිරුරේ බාහිර තුවාල දක්නට ලැබුණු බැවින් එය සැක සහිත මරණයක් ලෙස නිගමනය කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ උඩහිඟුල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි පහළ ගෙදර සීලවතී නැමැති 62 හැවිරිදි දෙදරු මවකි.

Read more

Local News