බොරැල්ලේ දී හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

බොරැල්ල පොලිස් වසමේ ටර්පන්ටයින් පාර ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් 505 යි මිලි ග්‍රෑම් 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වූ එන්.එච්.එස් නිවාස සංකීරණය, ටර්පන්යින් පාර බොරැල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි.

Read more

Local News