දිවයිනේ ස්ථාන රැසක කළ වැටලීම්වලින් ගිනි අවි 122 ක් සොයාගනී

Share

දිවයිනේ පොලිස් ස්ථාන රැසක අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන ලද වැටලීම්වලදී විවිධ වර්ගයේ ගිනි අවි 122ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

2020.06.06 වන දින සිට 2020.06.30 වන දින දක්වා මෙම වැටලීම් සිදු කර ඇත.

ඒ අනුව ටී 56 ගිනි අවි 11ක්, ටී 81 ගිනි අවියක්, බෝර 12 ගිනි අවි 26ක්, පිස්තෝල 3ක්, ගල්කටස් 26ක්, රීපිටර් 46ක් හා වෙනත් ගිනි අවි 9 ක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 89ක්.

හෙරොයින් කිලෝ 7යි ග්‍රෑම් 1413ක් සමග සැකකරුවන් 6140 ක් ද, ගංජා කිලෝ 295 ක් සමග සැකකරුවන් 4413ක් හා අයිස් ග්‍රෑම් 1025ක් සමග සැකකරුවන් 415ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක් හා ඩෙටනේටර්, අත්බෝම්බ ළඟ තබා ගත් සැකකරුවන් දස දෙනෙක් ද අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව සැකකරුවන් 9,077 ක් සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

වෙනත් වැරදි සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 17,275කි.

Read more

Local News