වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයක් මත නැඟ විරෝධතාවක

Share

කොළඹ වරාය සේවකයින් තිදෙනෙකු දොඹකරයක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

 

ඒ කොළඹ වරායට ගෙනවිත් ඇති නව ගැන්ට්‍රි දොඹකර, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමිනි.

පසුගිය දින කිහිපය පුරා වරාය සේවකයින් විවිධ වෘත්තිමය ක්‍රියාමාර්ග අනුගමය කරමින් පෙන්වා දුන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ සුදානමක් ඇති බවයි.

එබැවින් එහි අලුතින් ස්ථාපනය කිරිමට ගෙනවිත් ඇති මෙම නව ගැන්ට්‍රි සවි නොකිරිමට පාලනාධිකාරිය කටයුතු කරමින් ඇති බවට ඔවුන් චෝදනා කරයි.

Read more

Local News