කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඒ ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.
දෝහා නුවර සිට පැමිණි පිරිස අතුරින් වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බව, කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.
මේ අතර, කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු අද අලුයම දිවයිනට ළඟා විය.
ඒ කටාර් ගුවන් සේවයේ යානායකිනි.
පැමිණි සියලු මගීන් PCR පරීක්ෂණ වෙත යොමු කළ බව, කටුනායක ගුවන්තොටුපල බලධාරීහු ප්‍රකාශ කළහ.



