බිරිඳ ඝාතනය කර සැමියා පලා යයි

Share

පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

 

ඊයේ (07) සවස 2 ට පමණ පන්නල පොලිස් වසමේ මරද ජනපදය, වෙල්පල්ල ප්‍රදේශයේ නිවසක දී මෙය සිදුව ඇතැයි පන්නල පොලීසියට තොරතුරු ලැබී ඇත.

පහර දීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වු ඉහත ලිපිනයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දින පැවැත්වීමට නියමිතය‍.

සැකකරු මේ වන විට පලාගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News