මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන

Share

 

ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු පැවසීය.

නමුත් එහි ප්‍රකාශකයෙක් පසුව පැවසුවේ අද(03) දින නොපැමිණෙන ලෙස මහේල ජයවර්ධනට දැන්වූ බවය.

විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන් පිටව යන විට මාධ්‍යට මහේල ජයවර්ධන පැවසුවේ ඊයේ (02) රාත්‍රී 11.30ට පමණ තමාට අද දින නොපැමිණෙන ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත් දැන් වූ බවය.

නමුත් සමහර මාධ්‍ය වල මෙම විමර්ශන සදහා පෞද්ගලික හේතු නිසා මම පැමිනෙන්නේ නැති බව සදහන් වෙන බව මහේල ජයවර්ධන මාධ්‍යට වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News