අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රනිල්ගේ නිවසට

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ.

 

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම ට ඔවුන් එසේ ගොස් තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 18 වන දා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

එසේම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ, එස්.පාස්කරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

Read more

Local News