Home දේශීය පුවත් හොරණ මිනිස් ඝාතනයක්

හොරණ මිනිස් ඝාතනයක්

0
හොරණ මිනිස් ඝාතනයක්

හොරණ පොලිස් වසමේ කනන්වල, හොරණ ප්‍රදේශයේ නිවසක දී ඊයේ (06) රාත්‍රී 10.15ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යෑමෙන් එක් පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක් වී තිබේ.

 

එක් අයෙකු එල්ල කළ පිහි පහරකින් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව හොරණ පොලීසියට තොරතුරු ලැබී ඇත.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක් වු කනන්විල පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇත.

ඝාතනය සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here