පලෙයි පිපිරීමෙන් තුවාල වූ සැකකරු ජීවිතක්ෂයට

Share

පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් වසමේ උර්නියන්පත්තු, අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිද්ධියේ සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද(08) අළුයම ජීවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

 

 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර සැකකරැගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන පවත්වන බව ද පොලීසිය පවසයි.

Read more

Local News