වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 310 දෙනෙකු ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ බවද ඉන් 210 දෙනෙකුගේ ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති නමුත් ඒ කිසිවෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවද යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙකු පුනානි හි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
එම රැඳවියන් යුද හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන කටයුතු සිදු කෙරෙන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් 07 දෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
ඊයේ දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ සිට වැලිකඩ බන්ධනාගාරයට පැමිණී අයෙකු බැවින් ඊයේ දිනයේ සිට කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානේ සිටින සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු කළ බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
තවදුරටත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සිටිය හැකි බැවින් වෛරස ව්‍යාප්තිය වැළැක්විම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ආරක්ෂක ක්‍රමවේදයන් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවට දැනුම් දෙන ලදී.



