විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට(14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.



