වෙන්නප්පුව පොලිස් වසමේ දී හෙරොයින් ග්‍රෑම් 144යි මිලිග්‍රෑම් 832ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(12) වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ලන්සිගම, කෙටුනේරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකි.
සැකකරු අද(13) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.



