ඇඟිලි සලකුණු මගින් අපරාධකරුවන් 59 ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකදී ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අපරාධකරුවන් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ සිදු කළ පැය 24 ක මෙහෙයුමකදී අපරාධ 103 ක් සම්බන්ධව මෙතෙක් පොලීසිය මගහැර සිටි සැකකරුවන් 59 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත තුළ ඊයේ දින සිදු කළ එම විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමේදී අපරාධ සඳහා අවශ්‍ය තවත් සැකකරුවන් 56 දෙනෙකු , විවෘත වරෙන්තුකරුවන් 81 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 123 දෙනෙකු ,මත්ද්‍රව්‍ය හා මත්පැන් පිළිබඳ වැරදි සඳහා සැකකරුවන් 211 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News