කසළ තේ තොගයක් කොටුගොඩින් අල්ලයි

Share

සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක කසළ තේ කිලෝ 700ක් පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ඊයේ(12) සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 , 51 වයස්වල පසුවන ජාඇල සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. එම සැකකරුවන් අද (13) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News