අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය ගැන විශේෂ විමර්ශනයක්

Share

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සහ බෙදාහරින පුද්ගලයින් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් පත් කර තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි දේ සිදුකරන සහ ඒවා බෙදාහරින පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගන්නා බවයි.

රජය විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News