එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ නව වැඩපිළිවෙලක් සහිතව බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය කෑ ගසා ඡන්දය ඉල්ලන පක්ෂයක් නොවන බවත් unp.lk වෙබි අඩවියට පිවිසීමෙන් පක්ෂයේ වැඩපිළිවෙල කුමක්දැයි දැන ගැනීමට හැකි බවත් ඒ මහතා පැවසීය.
පසුගියදා කොළඹ දී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පස්වරුවේ මහනුවර ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන වෙත ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් බැහැදුටුවේය.



