ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට දැක්මක් නෑ – අකිල

Share

රටේ ඉදිරි කටයුතු පිළිබදව වත්මන් ආණ්ඩුවට කිසිදු දැක්මක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

ඔහු පෙන්වාදෙන්නේ විදුලිබිල සම්බන්ධයෙන් රජය ප්‍රකාශයට පත්කළ කරුණු මේ වන විට ක්‍රියාත්මක නොවන බවය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පල කළේය.

එමෙන්ම ආනයනික භණ්ඩ නැවැත්වීම සහ ඒ සඳහා අය කරන බදු අනුපාතයන් ඉහළ නැංවුවද කිසිදු නිෂ්පාදනයක් රට තුල තවමත් සිදු නොවන බවද ඔහු පැවසීය.

එමෙන්ම, ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කිසිදු දැක්මක් නොමැති බව ද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News