කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් පුද්ගලයින් 444 දෙනෙකු පුනරුත්ථාපනලාභීන් වන අතර 64 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් වන බව සඳහන්.
සෙසු 42 දෙනා ඔවුන් ලඟින් ඇසුරු කළ පුද්ගලයින් බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් අද (18) නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මුලතිව් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 219 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.
මීට අමතරව පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 104 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ.
ඒ අනුව අද දිනය වන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 23,286 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 56 ක් තුළ පුද්ගලයින් 6711 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය පැවසීය.



