තවත් කොවිඩ්-19 රෝගීන් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔවුන් අතරින් සිව්දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ සමීපතමයින් වන අතර එක් අයෙකු පිලිපීනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,702 දක්වා ඉහළ ගොස් ඇත.



