මැතිවරණ නීති කඩ කළ පුද්ගලයින් 208 ක් අත්අඩංගුවට

Share

මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසයි.

 

මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 190 ලැබී ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළව පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 60 කි.

ගත වූ පැය 24 තුළ මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් ලැබී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පැමිණිලි 3684 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Read more

Local News