දියේ ගිලී තරුණයෙකු අතුරුදන් වෙයි

Share

මීගමුව, දුන්ගල්පිටිය, කැපුන්ගොඩ, නැංගුරම් තොටුපොළ අසළ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, ඊයේ(17) පස්වරුවේ තවත් තරුණයින් 04 දෙනෙකු සමග දියනාමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවය.

දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් එක්ව තරුණයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read more

Local News