ශ්‍රීලනීපය පුරාවිද්‍යා සම්පත් විනාශ කරනවා – සජිත්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් පුරාවිද්‍යා සම්පත් විනාශ කරන යුගයක් අද වන විට නිර්මාණය වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

“අපේ කම” ගැන උදම් අනමින් සිටි පුද්ගලයින්ම පුරාවිද්‍යා වටිනාකමින් යුත් සම්පත් විනාශ කරමින් සිටින බව ඒ මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් පියවරක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පසුගියදා පැවත්වුණි.

එහිදී අදහස් දකවමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවක් අද (18) කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ දී අද පැවැත්වුණි.

තමන් අග්‍රාමාත්‍යවරයා වු පසු 4% සහන පොළීයට අවශ්‍ය සියලුදෙනාට ණය ලබාදීමට කටයුතු කරන බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Read more

Local News